Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (11) දිනයේ කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයෙන් ආසාදිතයින් එකම නිවසේ ආසාදිතයින් 7 දෙනෙක් සහ තවත් ගම් කිහිපයකින් ආසාදිතයින් 5 දෙනෙක් වාර්තා වූ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

එකම නිවසින් හඳුනාගත් ආසාදිතයින් වයස අවුරුදු 14,42,47,52,56 සහ 70වන වියෙහි පසුවන බවටයි වාර්තා වන්නේ .

එමෙන්ම සෙසු ආසාදිතයින් මාමිණියාව සහ ගනේවල්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එම ආසාදිතයින් අතරින් එක අයෙක් කැකිරාව පොලිසියට අනුයුක්ත නිලධාරියෙක්ද වනවා.

එබැවින් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 14 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ වන විට කැකිරාව ප්‍රදේශයෙන් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 124 ක් වනවා.

රෝහල් පහසුකම් නොමැති නිසාවෙන් ආසාදිතයින් 34ක් තවමත් නිවෙස්වලට වී සිටින බවද වාර්තා වනවා

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *