එළඹෙන ජනවාරි 12 වන දාට පෙර කැබිනට් මණ්ඩල ඇමතිවරුන්ගේ සැලකිය යුතු වෙනසක් සිදු විය හැකි යැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ විෂය පථවල වෙනසක් සිදු කරන බවත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැනට දරන තනතුරුවලට වඩා වැඩි බලතල සහිත වගකීමක් පැවැරීමට යන බවත් වාර්තා වේ.
මේ අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට ක්‍රීඩා, තරුණ කටයුතු හා සංස්කෘතික රාජ්‍ය ඇමති ධූරය ලබාදීමට යන බවට ද තොරතුරු වාර්තා වේ.