Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ දිනවල වැඩි කතා බහට ලක්ව ඇති කොළඹ දිස්ත්‍රික්කයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධූරවලින් ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගීකමක් නොමැති කම හිතුවක්කාර තීරණ ගැනීම සහ ඔවුන්ගේ හැසිරීම රටාව ඊට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

අද දිනයේ දී ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙක් සාකච්ඡාවක් පැවැත්වූණා.

ඊට අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණි ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු කැබිනට් අමාත්‍යවරු 13 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන ශශේන්ද්‍ර රාජපක්ෂ, සනත් නිෂාන්ත, ජානක වක්කුඹුර, ශෙහාන් සේමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ද සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන්ගේ ඒකමතික තීරණය වී ඇත්තේ අදාල අමාත්‍යවරුන් දෙදෙනා කැබිනට් ධූරවලින් වහා ඉවත් කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට තින්දුවක් ගැනීමට ඔවුන් සිය එකගතාවය පළ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී මෙම අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අදාළ තීරණය ගනු ඇති බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ අතර කැබිනට් මණ්ඩලයේ තවත් සංශෝධනයක් සිදුවන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම සංශෝධනයන් තව නොබෝ වේලාවකින් මාධ්‍ය වෙත නිකුත් කරන බවයි වාර්තා වන්නේ.

එම ආරංචි මාර්ගවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

මේ හැරුණු විට කැබිනට් අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන අයගේ අමාත්‍ය ධුරයන්හි සංශොධන සිදුවිය හැකි බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.