Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස තේරී පත්වූ කැරොලයින් ජූරි එම කිරුළ නිල වශයෙන් අත්හැරීමෙන් පසු එම තරඟයේ දෙවන ස්ථානය දිනා ගත් අයර්ලන්ත විවාහක රූ රැජිනවූ කේට් ෂ්නයිඩර් ( KATE SCHNEIDER ) නව ලෝක විවාහක රූ රැජිණ ලෙස පත්කර තිබෙනවා.

ලෝක විවාහක රූ රැජිණ සංවිධානය නිකුත් කල නිවේදනයක ඒ බව සඳහන්.

පසුගිය දා තමා ජයග්‍රහණය කළ 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හැරීමට තීරණය කළ බව කැරොලයින් ජූරි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා .

2021 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන අතර කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමට එම කාර්යය සිදු නොකළ බවයි ඇය සඳහන් කළේ.

2019 වසරේ දෙසැම්බර් මාසයේ අමෙරිකාවේදී පැවති ලෝක විවාහක රූ රැජිණ අවසාන මහා තරඟයේදී ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි කිරුළ දිනාගත් අතර දෙවන ස්ථානයට පත්වූයේ අයර්ලන්ත විවාහක රූ රැජිණ ලෙස තරගයට ඉදිරිපත්වූ කේට් ෂ්නයිඩර්( KATE SCHNEIDER ) මහත්මියයි.

කැරොලයින් ජුරි
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *