Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2019 ලෝක විවාහක රූ රැජින ලෙස තෝරා ගත් කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍ර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද (19) නියෝග කර තිබේ.

2020 විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මියට සුළු තුවාල සිදුකිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම හා අභූත චෝදනා එල්ල කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන පසුගිය අප්‍රේල් මස 8 වන දින පොලිස් ඇප මත නිදහස් කෙරුණි.

එම පැමිණිල්ල අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී කුරුඳුවත්ත පොලිසියේ අධිකරණයට වාර්තා කළේ, එම ආරවුල හේතුවෙන් නෙළුම් පොකුණ රඟහලට රුපියල් ලක්ෂ හතරක පමණ අලාභයක් සිදුවී ඇති බවය.

එම අලාභ සිදුකිරීමේ සිද්ධියට තම සේවාදායකයන්ගේ සම්බන්ධයක් නොමැති බව කැරොලයින් ජුරි සහ චූලා පද්මේන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දැනුම්දුන්නේය.

එහිදී අගතියට පත් පාර්ශවය වන ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නිදි නීතිඥවරිය දැනුම් දුන්නේ, එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එය සමථයට පත්කිරීමට හැකියාව පවතින බවය.

කෙසේවෙතත් එම සිද්ධියෙන් නෙළුම් පොකුණ රඟහලට සිදු වූ හානිය පිළිබඳව ගණනය කර ඒ පිළිබඳ වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් කුරුඳුවත්ත පොලීසියට නියෝග කර තිබේ.

නඩුව ජූනි මස 28 වන දින යළි කැඳවීමට නියමිතය.

පැමිණිලිකාර පාර්ශවය වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටිනු ලැබීය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *