කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 4දෙනෙකුට සහ අධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකුට නව කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා .
මොවුන්, පසුගිය පෙබරවාරි මස 04 වෙනිදා සිදුකළ PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබූ සිසුන් 05 දෙනෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයින් බවයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කියා සිටියේ.
ඒ අනුව පළමු පෙළ ආශ්‍රිතයින් 35 දෙනෙකු සහ ඔවුන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අධ්‍යන කාර්ය මණ්ඩලයේසේවකයින් තිදෙනෙකු නිරෝධායනය සඳහා විශ්ව විද්‍යාලයේ විශේෂ ස්ථානයක යොමු කර සිට ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ පෙරේදා 13 දිනයේ නිකුත් කරනු ලැබුවා.
එහිදී මෙම සිසුන් සිව්දෙනාට සහ අධ්‍යන කාර්ය මණ්ඩලයේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.