Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා නේවාසිකාගාරවලට පැමිණි සිසුවියන් තුන්දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

අධ්‍යයන කටයුත්තක් සඳහා ක්‍ෂේත්‍ර පරීක්ෂාවකට යාමට පෙර සිසු සිසුවියන් දස දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදි මොවුන් ආසාදිත බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමි සඳහන් කළේ අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් කිසිදු වැඩපිළිවෙලක් නොතිබූ බැවින් සිසුන්ට පෞද්ගලිකව එම පරීක්ෂණ කරගැනීමට සිදුවූ බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කැළණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැනටමත් නේවාසිකාගාර තුනක නිරෝධායනයට ලක්වන සිසු සිසුවියන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. එමෙන්ම ඔවුන්ගේ විභාග කටයුතු ද අදාළ නේවාසිකාගාර තුළ සිටම සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බවද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *