දින හතරක් තිස්සේ නොකඩවා කෑගල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දේවාලේගම පොලිස් වසමේ මිනුවන්ගෙදර පුස්සැල්ල දේවාලේගම ප්‍රදේශයේ නිවසක් මතට අද (10) උදෑසන පස් කන්දක් කඩා වැටුනු අතර එම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනක් පස් කන්දට යට විය.
එහිදී අතුරුදහන් වු වයස අවුරුදු 70 ක් වන එම්.බී. ආර්.රණසිංහ, වයස අවුරුදු 32 ක් වන එම්.බී.ආර්දමිත් කුමාර රණසිංහ යන අයගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.
එම නිවසේ පදිංචිව සිටි මව වන වයස අවුරුදු 68 ක් වන සී.එම්. චන්ද්‍රසේන මුදියන්සේලාගේ නන්දාවතී තුවාල ලබා කෑගල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව ද පොලිසිය කියයි.