Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වරකාපොල ප‍්‍රදේශීය ලේකම් බල ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගය ආසාදිත වූ පුද්ගලයන් දොළොස් දෙනකු (12 ක්) හදුනාගෙන ඇති බවත්, ඉන් ඵක් අයකු උඩුකුඹුර ඔත්නාපිටිය පදිංචි අයකු වන අතර ඔහු කෑගල්ලේ පැණිය පානය කළ අයකු බවත් වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර මහතා පැවසීය.

මෙම රෝගීන් අතරින් තුල්හිරිය ඇගලූම් ආයතනයක තිදෙනකුද, තල්ලියද්දේ දෙදෙනකුද, නිවටුව එක් අයකුද, දුම්මලදෙණියේ එක් අයකුද, වේරගල දෙදෙනකුද, ඔත්නාපිටියේ තිදෙනකුද වන බවත්, ඔත්නාපිටියේ එක් අයකු කෑගල්ලේ පැණිය පානය කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.

මොවුන් ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත්, පවුල්වල සෙසු පිරිස් නිරෝධායන කටයුතු සදහා යොදවා ඇති බවත් වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

කෑගල්ල – එම්. බී. පහලවත

ජායාරූපය – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කෑගල්ලේ ධම්මික පැනිය පානය කල අවස්ථාව.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *