Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කිරුළපන සරණ පාරේ පිහිටි නිවසේ හිඟ විදුලි බිල වන රුපියල් එක්කෝටි විසි ලක්ෂ පනස් හය දහස් අටසිය තුනයි සත තිස් අටක මුදල ගෙවා දමන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය අමාත්‍යවරයාට දැනුම් දී ඇති බව Daily Mirror පුවත්පත වාර්තා කර සිටිනවා.

2015 පෙබරවාරි මාසයේ සිට මෙම නිවසට ලබාදුන් විදුලි සැපයුම වෙනුවෙන් ගෙවිය යුතු වූ බිලපත් ගෙවා නැතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

ලංවිම නිලධාරීන් 2021 දෙසැම්බර් 22 දින අමාත්‍යවරයාගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳ සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇත සවිස්තර වාර්තාවක් ද ඇය වෙත භාර දී තිබේ. යළිත් ලංවිම 2022 ජනවාරි 11 වන දින අමාත්‍යවරයා වෙත මේ පිළිබඳව ලිපියක්ද යොමුකර තිබේ.

අදාළ නිවසේ විදුලිය විසන්ධි කිරීමට මේ දක්වා විදුලි බල මණ්ඩලය කටයුතු කර නැති බව ද පැවසූ ඔහු විදුලිය විසන්ධි කිරීමට එම නිවසේ ආරක්ෂකයන් විසින් බාධා කරමින් සිටින බව පසුගිය 18 වැනිදා ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published.