2021 විවාහක රූ රැජින තේරීමේ තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් 2020 ලෝක රූ රැජින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 2020 ලෝක රූ රැජින කිරුළ දිනා ගත් කැරොලයින් ජූරි සහ ශ්රී ලංකා නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්රවයි.
ශ්රී ලංකාවේ විවාහක රූ රැජිණ තේරීමේ තරග අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පැවසුවේ අද (08) දින කුරුඳුවත්ත පොලිසියේ ප්රකාශ සටහන් කිරීමෙන් අනතුරුව කැරොලයින් ජූරිව සහ චුලා පද්මේන්ද්රව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ජූරි, චූලා, පුෂ්පිකා සහ චන්දිමාල් අද කුරුඳුවත්ත පොලිසියට පැමිණ තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජූරි විසින් පුෂ්පිකාට ප්රසිද්ධියේ සමාව අයැදීම ප්රතික්ෂේප කර ඇති අතර අදාළ කාන්තාවන් දෙදෙනා ලිඛිතව සමාව ඉල්ලීම එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ප්රතික්ෂේප කර ඇතැයි සදහන්වේ. එහි ප්රතිඵලයක් ලෙස කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්ර කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජූරි සහ පද්මේන්ද්ර ඇගේ ඔටුන්න බලහත්කාරයෙන් ඉවත් කළ අවස්ථාවේදී එම ගැටුමෙන් තමන් තුවාල ලැබූ බවට පුෂ්පිකා ද සිල්වා මහත්මිය පොලිසියට පැමිණිලි කළාය.
මෙම සිදුවීම නිසා නෙලුම් පොකුන රඟහලට මෙන්ම වේදිකාවට හානි සිදුව ඇති බව උත්සව සංවිධායකයෝ පැවසූහ.