Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පුෂ්පිකා සඳමාලි ද සිල්වා ඊයේ (04) ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණිය 2020 ලෙස කිරුළු පැළදු අතර පසු එම කිරුළ ඇයට අහිමි වූයේ ඇය විවාහයෙන් දික්කසාද වීම නුසුදුසු කමක් ලෙස දක්වමින්.

2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ ඇය පැළදු අතර එම වර්ෂයේදීම ඇය ලෝක රූ රැජිණ තරගයටද ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වුනු තැනැත්තියකි. මිස් ශ්‍රී ලංකා හා මිසිස් ශ්‍රී ලංකා බවට පත්වූ එකම කාන්තාව ලෙස ඇය වාර්තා ගත කිරුළකට උරුමකම්ද කියා තිබුණා.

එම තරගය අවසානයේ දුන් තීන්දුව මේ වනවිට ගැටළු වලට හේතු වුනු අතර ජ්‍යාත්‍යන්තර තරග සංවිධායකයින් පවා මෙම තීරණ වෙනස ගැන කරුණු විමසා ඇත.

මිට මාස කිහිපයක කලින් පුෂ්පිකා දේශපාලනයට පැමිණීමේ සුදානමකින් සිටින බවද සම්මුඛ සාකච්ඡා හරහා කියා තිබුණා.

රට වෙනුවෙන් මම වැඩ කරන්න කැමතියි මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් උනු වෙලෙත් කළ සම්මුඛ සාකච්ඡාවේදි මම කිව්වා රූ රැජිණක් වෙනවා වගේම කවදාහරි දේශපාලනයට එන්න කැමැත්තක් තියනවා කියලා.දේශපාලනය කරනවා කියලා ජන්දය ඉල්ලන්නම ඕනේ නෑ.මෙවර ජනාධිපතිවරණයේදීත් ජනාධිපතිතුමා වෙනුවෙන් මම පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරාම විශාල කැම්පේන් එකක් කළා.ගොඩාක් අය දේශපාලනයට එන්න කියලා මගෙන් ඉල්ලුවා.මම පහුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්න ඉදියේ.මම තව අත්දැකීම් ලබලා දේශපාලන ගැන අද්‍යනය කරලා සුදුසු කාලේදී මැතිවරණයට සම්බන්ධ වෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *