Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාපනය, කිලිනොච්චි සරසවි විහාරයේ බුද්ධ ප‍්‍රතිමා 02 කට කිසියම් පිරිසක් හානි කර තිබෙනවා.

සිසුන් පවසන්නේ සූක්ෂම ලෙස විහාර භූමියට ඇතුළු වූ පිරිසක් මෙම පහර දීම සිදුකර ඇති බවයි.

මෙලෙස හානි කර තිබුණේ යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි පරිශ‍්‍රයේ ඉදිකෙරෙන බෞද්ධ විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ බුද්ධ ප‍්‍රතිමා 02 කටයි.

මෙම විහාරස්ථානය ඉදිකරන්නේ ද යාපනය විශ්ව විද්‍යාලයේ බෞද්ධ සහෝදර ශිෂ්‍ය සංගමයේ සිසුන්ගේ දායකත්වයෙන්.

මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ කිලිනොච්චිය පොලීසිය දැනුවත් කිරීමට ද සිසුන් දැනටමත් කටයුතු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා බවත්, බුද්ධ ප‍්‍රතිමාවලට සිදුවූ හානි තක්සේරු කර සාධාරණයක් ඉටුකරන බවට ද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පොරොන්දු වූ බවයි සිසුන් පැවසුවේ.

The Morning පුවත්පත වාර්තා කරන ආකාරයට යාපනය විශ්ව විද්‍යාලයේ බෞද්ධ සහෝදර ශිෂ්‍ය සංගමයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා දැමීම සම්බන්ධයෙන් පලිගැනීමක් ලෙසට මෙය සැක කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කිලිනොච්චි පොලීසියට ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් තමන් දැනුවත් බවත් ඒ සම්බනධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට උපදෙස් ලබා දුන් බවයි

ඉකුත් 12 වැනිදා යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරක කඩා ඉවත් කිරීම මුල්කර ගනිමින් ඉකුත් දා උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *