Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඉන්ධන පිරවුම්හල් අසල පවතින රථ වාහන පෝලිම් හේතුවෙන් කොළඹ මාර්ග රැසක රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඔරුගොඩවත්ත, හෝර්ටන් පෙදෙස, බම්බලපිටිය, කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රධාන මාර්ගවල මෙම රථ වාහන තදබදය හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔරුගොඩවත්ත මංසන්ධියේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හල අසල පවතින තදබදය හේතුවෙන් නව කැලණි පාලමේ පෑලියගොඩ දෙසට දැඩි රථ වාහන තදබදයක් පවතින බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මීට අමතර ව කොළඹින් බැහැර ජනාකීර්ණ නගරවල ද ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් පැවතීම හේතුවෙන් ඇතැම් ස්ථානවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර, ඊයේ දිනයේ ද ඉන්ධන නොමැති කමින් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා. සංස්ථා ඉන්ධනහල්වල මෙන්ම අයි.ඕ.සී. පිරවුම්හල්වලද දක්නට ලැබුණේ දිගු පෝලිම්.

කෙසේ වෙතත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් රැගත් නෞකාවක් අද පස්වරුවේ දිවයිනට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මෙන්ම මාධ්‍ය ප්‍රකාශක චාමින්ද හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

පෙට්‍රල් ,මෙට්‍රික් ටොන් 35,300ක් රැගත් නෞකාවක් මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති අතර, එහි ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ වනවිටත් සිදු කරමින් පැවතුණා.

ඉන්ධන පිරවුම් හල් අසල තත්වය මෙසේ වෙද්දී, රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් නිකුත් කිරීම ඊයේ දිනයේ සිට සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

අදාළ නියෝගය තෙල් තොග ගබඩා පර්යන්ත වෙත ලබාදී ඇතැයි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දැනට ඩීසල් තොග ඇත්තේ දින හතරකට බවත් එනිසා එම තොග කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම දැනුම් දීම කර ඇති බවත් සඳහන්ය.

මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් තිස් හත්දහසක් සහිත නැවක් අද දිනයේ කොළඹ වරායට ළඟාවීමට නියමිත නමුත් ඊයේ පස්වරු වන විටත් එම නෞකාවේ ඩීසල් තොගය මුදා හැරීම සඳහා මුදල් ගෙවීමක් සිදු කර නැති බව ද දැනගන්නට ඇත.

මෙම නෞකාවට මුදල් ගෙවීම ප්‍රමාද වුවහොත් ගොඩබෑම ද ප්‍රමාද නිසා ඒ හරහා මෙරටට අවශ්‍ය ඩීසල් නොමැති වන තත්ත්වයක් උදාවන බව ද සංස්ථාවේ ආරංචි මාර්ග කියා සිටී.

එමෙන්ම නෞකාවෙන් ඩීසල් ගොඩබෑමට පෙර සිදුකරන ප්‍රමිති පරීක්ෂණයේ දී එහි නිදර්ශක වල ප්‍රමිතිය ද අසමත් වුවහොත් එම තත්ත්වය ද ඩීසල් අර්බුදය උග්‍ර අතට හැරුණු ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

ඉන්ධන පිරවුම් හල් අසල සාමය පවත්වා ගැනීම සඳහා පොලිස්පති විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව පිරවුම්හල අසල යම් කලහාකාරී සිදුවීමක් ඇතිවීම වැළැක්වීම වීම සඳහා සියලු ස්ථානාධිපතිවරුන් විසින් සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අදාළ නිවේදනයේ දන්වා තිබෙනවා.

එමෙන්ම ගිලන්රථ, ගිනි නිවීමේ රථ ආදියට ප්‍රමුඛතාවය මත ඉන්ධන ලබා දීමට සුදුසු පියවර ගත යුතු බවත් තදබදය අවම වන තෙක් රථවාහන පාලනය කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

01 3

Leave a Reply

Your email address will not be published.