Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගිය 10 දා කිළිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේදී පිහි ඇණුමකින් මියගිය අරුලම්බලම් දුෂ්‍යන්තන් නැමති තරුණයාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණය ඉටු වී නොමැති බව පවසමින් කිළිනොච්චියේ පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

ධර්මපුරම් පොලීසියෙන් සාධාරණය ඉල්ලා ඔවුන් අද දහවල් ඒ-9 මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ..

මෙම ඝාතකයා බවට සැකකෙරෙන පුද්ගලයාගේ නිවසට කිසියම් පිරිසක් විසින් පසු ගිය දා ගිනි තබා තිබුණා.

එම අවස්ථාවේදී කිළිනොච්චිය ධර්මපුරම් පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ ගම්වාසීන්ට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන්ද වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසද කිළිනොච්චියේ වැසියෝ පෙළපාලි යමින් ඉල්ලා සිටිනවා

මේ විරෝධතාවය හේතුවෙන් ඒ-9 මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *