Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දහයක කුඩා දරුවෙකු පණ ගැන්වූ යතුරුපැදියකට හසුවී කුඩා දැරියක් මරණයට පත්ව තිබෙනවා.

මියගිය දරුවා අවුරුදු එකහමාරක් පමණ වයසැති දැරියකි.

යතුරුපැදිය නවතා එහි යතුරු කටෙහි යතුර රඳවා තිබිය දී දස හැවිරිදි කුඩා දරුවා එය පණ ගැන්වීමට උත්සාහ දරා ඇති අතර යතුරුපැදිය ඉදිරියට ධාවනය වී කුඩා දැරිය අනතුරට ලක්ව තිබෙනවා.

දැරිය රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බවයි වාර්තා වූයේ.

කුඩා දරුවන් සිටින නිවෙස්වල රථවාහන නවතා යාමේදී මෙවැනි අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ වලක්වා ගැනීමට හැකි උපරිම අයුරින් කටයුථ් කරන ලෙසත්, එලෙස රථවාහන නවතා තැබීමේදී යතුර ඉන් ඉවත් කර තිබන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *