Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කුඩා දරුවන් අතර බෝවන වෛරස රෝගයක් මේ දින වල පැතිරෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

අත්, පා, මුඛ රෝගය ලෙස හඳුන්වන මෙම රෝගය වයස අවුරුදු 06ට අඩු දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන බවයි ඔහු පැවසුවේ.

මුඛය තුල සහ ශරීරයේ විවිධ ස්ථාන වල රතු පැහැ ලප ඇතිවීම මෙම වෛරස රෝගයේ ප්‍රධානතම ලක්ෂණය වන අතර ඇතැම් විට උණ ඇතිවීමේ හැකියාවද පවතිනවා.

ආහාර ගැනීමේ අපහසුතාවයද මෙම රෝගය නිසා ඇති වන තවත් තත්වයක් බවයි ඔහු සඳහන් කළේ.

මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ දින වල රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයට වැඩි වශයෙන් පැමිණෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට කඩිනමින් කටයුතු නොකළහොත් දරුවන්ගේ නියපොතු පවා ගැලවී යා හැකි බවයි ඔහු කියා සිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *