Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන 04 වැනි කොරෝනා මරණය ඊයේ (17) සිදුව ඇතැයි කුරුණෑගල රෝහල් ප්‍රකාශයකු පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගහවෙල, බන්දාව, අළුත්ගම පදිංචි 62 හැවිරිදි කාන්තාවකි. ඇය හදිසියේ අසනීප වීම හේතුවෙන් 16 දා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.

එම කාන්තාව මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ එම කාන්තාව දිගු කාලයක සිට ආතරයිටිස් රෝගයෙන් පීඩාවි ඇති බවයි.

එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි තොරතුරක් තවමත් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *