Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 දෙනෙකුට කොවිඩ්-19 වැළඳී ඇතැයි අනාවරණය වී තිබේ.

ඊයේ (14) නිකුත් වූ PCR වාර්තා අනුව ඔවුන් ආසාදිතයින් බව තහවුරු වූ බව සබරගමු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළේය.

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකුට කොවිඩ්-19 වැළඳී ඇති බව පසුගිය සතියේ අනාවරණය වූ අතර එම නිසා රැඳවියන් 50 දෙනෙකු සහ නිලධාරිනියන් දෙදෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කොට තිබිණි.

එහිදී මෙම කාන්තා රැඳවියන් 14 දෙනා ආසාදිතයින් බව හඳුනාගෙන ඇත.

මෙම හේතුවෙන් කිසිවෙකුටත් එම බන්ධනාගාරය තුළට ඇතුළුවීම හෝ පිටවීම තහනම් කර තිබේ.

කොරෝනා ආසාදිත රැඳවියන් පොළොන්නරුව ගල්ලෑල්ල පිහිටි බන්ධනාගාර රැඳවියන්ගේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන බව ද කපිල කන්නංගර මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු නිලධාරීන් කිහිප දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති අතර PCR පරීක්ෂණ තවතවදුරටත් සිදුකිරීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *