Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (22) උදෑසන වනවිට තවත් නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගත් බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය උත්පල ගුණසේකර මහතා පැවසුවේය.

ඒ අනුව, කුලියාපිටිය සෞඛ‍්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ දක්වා නව කොරෝනා වෛරස ආසාදිතයින් 44 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පසුගියදා හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් PCR පරික්ෂණ සඳහා යොමුකර තිබු අතර එහිදී මෙම නව ආසාදිතයින් හඳුනාගැණුනු බව ඔහු පැවසීය.

මේ වනවිට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ප්‍රදේශ රැසකටම වෛරසය ව්‍යාප්ත වී ඇති බැවින් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසිපරිදි අනුගමනය කරන ලෙස වෛද්‍ය උත්පල ගුණසේකර මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, දුම්මලසූරිය, පන්නල යන පොලිස් බලප්‍රදේශවලට මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *