Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කුලී සේවාවල යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය කිරීම ලබන වසරේ සිට අකුරටම ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ උපදෙස් මත එම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මීට අදාළ නියෝගය 2017 වසරේ දී නිකුත් කර ඇතත් එම නියෝගය හරි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීය.

එම නීතිය තදින්ම බලාත්මක කරමින් නිවේදනයක් සූදානම් කර තිබෙන බවත් මීටර් සවිකර ගැනීම සඳහා ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා සහන කාලයක් ලබාදීමටත් ජූනි 01 වැනිදායින් පසු මීටර් නොමැතිව ධාවනයේ යෙදෙන කුලී ත්‍රීරෝද රථ සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් පොලිසියට උපදෙස් ලබාදෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *