Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කුසල් ජනිත් පෙරේරාගේ තත්වය යහපත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

පෙරේදා දකුණු අප්‍රිකාව සමඟ නිමාව දුටු තරඟයේදී කුසල් පෙරේරා පිතිකරණයේ යෙදීමේදී පාදයේ කලවා ආශ්‍රිත ආබාධයකට ලක්විය.

පෙරේදා රාත්‍රීයේම ස්කෑන් පරීක්ෂණයක් සිදු කල අතර එමඟින් තහවුරු වූයේ කුසල් ජනිත් පෙරේරා ගේ පාදයේ සුළු මස් පිඩු ඇදීමක් පමණක් සිදුව ඇති බවය.

මෙම ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබී ඇති අතර ඒ අනුව කුසල් ජනිත් පෙරේරාගේ තත්වය පිළිබඳ නිවේදනයක් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තව දුරටත් අදහසක් දක්වමින් මේ පිළිබඳව පවසා සිටියේ කුසල් ජනිත් පෙරේරාට ඕමාන තරඟාවලියා හා ICC T20 ලෝක කුසලානය සඳහා සහභාගී වීම මේ පරීක්ෂණයේ ප්‍රතිඵල මත තහවුරුව ඇති බවයි.

මේ අතර මේ වන විට ආබාධයට ලක්ව සිටින ළහිරු මදුෂංකට එළඹෙන 20යි 20 ලෝක කුසලානය අහිමි වන බව ද සඳහන් වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *