Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා ක්‍රීඩා අමාත්‍යංශයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, සිය තහනම හා දඩ මුදල පිළිබද යළි සලකා බලන ලෙස ඉල්ලමින්.

ඒ අනුව මෙන්ඩිස් හා ගුණතිලක පසුගිය 9 වනදා අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, දික්වැල්ල විසින් සිය අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 12 වනදායි.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී මෙම ක්‍රීඩකයින් තිදෙනා ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කළ බවට චෝදනා එල්ල වූ අතර, අනතුරුව ඔවුන් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය මාසයේ දී තීරණය කළා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුව විසින් සිදු කළ නිර්දේශ ද සලකා බැලීමෙන් අනතුරුවයි.

ඊට අමතරව අදාළ ක්‍රීඩකයින් තිදෙනාට මාස 6ක දේශීය තරග තහනමක් ද, එක් ක්‍රීඩකයෙකුට රුපියල් මිලියන 10 බැගින් වන දඩ මුදලක්ද නියම කෙරුණා.

තවද එම ක්‍රීඩකයින්ට වසර දෙකකට අත්හිටුවූ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් ද පනවනු ලැබු අතර විමර්ශන කමිටුව විසින් නිර්දේශ කළ දඬුවම් යම් ලිහිල් කිරීමකට ද ලක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහිදී කටයුතු කර තිබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *