Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයින් පස් දෙනෙකුට ඉන් ඉවත්ව නිවෙස් බලා යාමට අවසර හිමිව තිබෙනවා.

කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, මිනෝඩ් භානුක සහ ලහිරු කුමාරට මෙලෙස ශ්‍රී ලංකා සංචිත ජෛව බුබුලෙන් නිදහස්ව යාමට අවසර ලබා දී ඇති අතර, නායක දිමුත් කරුණාරත්න ගේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත් කොට තිබෙනවා.

බ්‍රහස්පතින්දා (21) ගාල්ලේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේදී තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුව සංචිතයෙන් නිදහස් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 7 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *