Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් ට එරෙහිව තාවකාලික තහනමක් පැනවීමටත් එම ක්‍රීඩකයින් ව නැවත මෙරටට කැඳවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

එම සිද්ධිය පිළිබඳ ව පරීක්ෂණ නිමවෙන තෙක් එම තාවකාලික තහනම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

තවද එම සිද්ධියට අදාලව නිරෝෂන් දික්වැල්ල ,කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක නිරෝධායනයට යොමු කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන මොවුන් පිළිබඳව සමාජ මාධ්‍ය වල සැරිසරන වීඩියෝව සම්බන්ධයෙන් වහාම පරික්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙසද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකරුට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඩර්හැම් වෙත ගොස් සිටිනවා.

ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීම සඳහායි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *