සංචාරක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙමින් තිබෙනවා.
එහිදි සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මොහොතේදි කඩුලු හතරක් දැවී ලකුණු 124ක් රැස් කර සිටිනවා.
එහිදි තරගයේ දෙවන වරටත් දෙවෙනි ඉනිමේදීත් කුසල් මෙන්ඩිස් ලකුණු බිංදුවට දැවී ගියා. ඒ ඔහුගේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ 23වන බිංදුවයි.
මේ වනවිට ලොව වේගවත්ම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ බිංදු 25ක් ලබා ගත් ක්‍රීඩකයාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට කුසල් මෙන්ඩිස්ට අවශ්‍ය වී තිබෙන්නේ ඉනිම 15ක් තුල බිංදු දෙකකි.
