Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විශේෂ බලපත්‍රයක් යටතේ මැයි 6 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂිකර්මාන්තයට හැර වෙනත් කර්මාන්ත සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර ලබා දෙන බව ආනයන අපනයන පාලක ජනරාල්, දමයන්ති කරුණාරත්න මහත්මිය පවසා ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු දමයන්ති කරුණාරත්න මහත්මිය,

මේ වන විටත් ඇතැම් පොහොර, කෘමිනාශක වර්ග ආනයනයට යටත් කරලා තිබුණේ ආනයන ආනයන පාලන පනත යටතේ. එයින් ආවරණය නොවුණ කාණ්ඩයන් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හා අනෙක් අදාළ දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කරලා ඒවා හඳුනාගෙන සම්පූර්ණයෙන් ම තහනම් කරා. ඒ හැර අනෙකුත් සියලුම හඳුනාගත් රසායනික ද්‍රව්‍ය ආනයන පාලනයට යටත් කරලා තියෙනවා. ඒ අනුව කෘෂිකර්මාන්තයට මේ පොහොර හෝ රසායනික ද්‍රව්‍ය කෘමිනාශක යොදා ගන්න බෑ. නමුත් වෙනත් කර්මාන්තයක් සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍යයක් වේ නම් ඒ බව තහවුරු කර ගෙන අවශ්‍ය ප්‍රමාණයට අනුව ආනයන බලපත්‍ර ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනු ලබනවා.

ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත මේ වනවිටත් යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *