කොටදෙණියාව බදුරාගොඩ ප්‍රදේශයේ දින 44ක පමණ කාලයක සිට අතුරුදන්ව සිටි අවුරුදු 10ක සහ 12ක පිරිමි ළමුන් දෙදෙනෙකු මීරිගම ප්‍රදේශයෙන් ජීවතුන් අතර සිටිය දී සොයා ගෙන ඇති බවට වාර්තා වේ.
අදාළ ළමුන් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් පළමුව කොටදෙණියාව පොලිසිය පරීක්ෂණ මෙහය වූ අතර, පසු ව එම පරීක්ෂණ කටයුතු අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමකට භාර කෙරුණා.
මේ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකුගේ මවකගෙන් මේ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමක දී ඇය කියා සිටියේ, මෙම දරුවන් දින කිහිපයකින් නැවත නිවසට පැමිණෙන බවට ශාස්ත්රකරුවෙකු විසින් දන්වා සිටි බව යි.
කෙසේ වෙතත් මෙලෙස මීරිගම නගරයෙන් සොයාගත් දරු දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට නියමිත බව යි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.