තමන් නිවසින් පළාගියේ මව ඇතුළු නිවැසියන් පහරදීම නිසා බව අතුරුදන්ව සිට මීරිගම නගරයේ රැදී සිටියදී සොයා ගනු ලැබූ කොටදෙණියාව – වත්තේමුල්ල, බඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනා පාපොච්චාරණය කර තිබෙනවා.
දින 43කට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි පිරිමි දරුවන් දෙදෙනා කාන්තාවක් විසින් අද (06) පෙරවරුවේ මීරිගම පොලීසිය වෙත භාරදී තිබුණි.
පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම දරුවන් පවසා ඇත්තේ නිවසේදී සිදුවූ හිරිහැර හා කුසගින්න හේතුවෙන් හා තම බාල සොහොයුරා රැක බලා නොගැනීම හේතුවෙන් මව මෙලෙස පහරදෙන බවයි.
ඇතැම් අවස්ථාවලදී පවුලේ ඥාතීන් මෙම දරුවන්ගේ පාසල් ගමනට ද බාධා එල්ල කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
කොටදෙණියාව බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වූයේ පසුගිය නොවැම්බර් 23 වැනිදාය.
මෙලෙස අතුරුදන්ව සිටියේ වයස අවුරුදු 12ක් වන ජයසේකර මුදලිගේ අකිල දේදුණු සහ 10 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැලුම් වන ඥාති සොහොයුරන් දෙදෙනෙකි.
නමුත්, මොවුන් දෙදෙනාම පදිංචිව සිට තිබුණේ කොටදෙණියාව බාඳුරාගොඩ ප්‍රදේශයේ නිවසකය.
මොවුන් සොයා දින ගණනාවක් පොලීසිය විමර්ශන සිදු කළත් එය සාර්ථක නොවීම නිසා පොලිස් මූලස්ථානය මෙම දරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරමින් මොවුන් සොයා ගැනීමට මහජන සහය ඉල්ලා තිබුණි.
ළමුන් දෙදෙනා පොලිසියට ප්‍රකාශ ඇත්තේ තමන්ට මව ඇතුළු නිවැසියන් අවස්ථා කිහිපයකදි පහරදිම හේතුවෙන් නිවෙසින් පළා ගිය බවයි.
මේ නිසා යළි නිවෙස වෙත යාම ප්‍රතික්ෂේප කරන බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.
මීට පෙරද අවස්ථා දෙකකදී ඔවුන් නිවසින් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
දරුවන් දින ගණනාවක් මීගමුව ප්‍රදේශයේ රන් ආභරණ අලෙවිසැලක සිටි බවට සිදු කළ ප්‍රශ්න කිරිම් වලදි අනාවරණය වී තිබෙනවා.
පසුව මෙම දරුවන් දෙදෙනා මීරිගම නගරයට බස් රථයකින් පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ දරුවන් දෙදෙනා සොයා ගැනීමෙන් පසු මීරිගම පොලිසියට රැගෙන එනු ලැබුවා.
එහිදී මෙම දරුවන් තවදුරටත් සඳහන් කළේ තමන්ව ඊයේ රාත්‍රියේ රඳවා ගෙන සිටි කාන්තාව සමඟ රැදි සිටිමට කැමති බවයි.
මෙම දරුවන් අතුරුදන්ව සිටි කාලයේදී මීගමුව, මීරිගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ආහාර ඉල්ලමින් ඉබාගාතේ ගොස් ඇති බවට තහවුරු වූ බව මීරිගම පොලීසිය පැවසීය.
වැඩිදුර විමර්ශන සඳහා මීරිගම පොලිස් භාරයේ සිටි දරුවන් දෙදෙනා කොටදෙණියාව පොලීසිය වෙත අද පස්වරුවේ භාරදී තිබුණි.
කෙසේ වෙතත්, ළමයින් දෙදෙනා මෙපමණ කාලයක් රැදී සිටි ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ආවරණය කර ගැනිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සහ කොටදෙණියාව පොලීසීය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.
මේ වනවිට දරුවන් දින හතලිහක් පුරාවට රැදී සිටි මීගමුව රන් ආභරණ අලෙවිසැල පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් එහි ගොස් තිබෙනවා.