Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොට්ටාව, නගර මධ්‍යයේ පිහිටි මාළු වෙළෙඳ සලේ සේවකයින් 04 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී තිබෙන බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

ඒ අනුව, එම මාළු වෙළෙඳ සල හා ඔවුන් නවාතැන් ගෙන සිටි තෙමහල් ගොඩනැගිල්ලක් මුද්‍රා තබා ආසදිතයින්ගේ ආශ්‍රිතයින් 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

වැල්ලවත්ත, පෞද්ගලික බැංකුවක කොරෝනා ආසාදිත සේවකයෙකු කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි සමූපකාර වෙළෙඳ සලට හා මාළු වෙළෙඳ සලට පැමිණ ඇති බව අනාවරණය වීම හේතුවෙන් එම ස්ථාන වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පසුගිය දා පියවර ගෙන තිබුණා.

ඒ අනුව, අදාළ මාළු වෙළෙඳ සලේ සේවකයින් 17 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර, පසුගිය 19 දා ඔවුන්ව PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු කොට්ටාව පරණ පාරේ, තෙමහල් ගොඩනැගිල්ලක ද, තවත් ආසදිතයෙකු පන්නිපිටිය, දෙපානම පළමු වන පටුමගේ ද අනෙක් ආසාදිතයා බොරලැස්ගමුව, නීලම්මහර ප්‍රදේශයේ ද පදිංචි පුද්ගලයන් වනවා.

ආසාදිතයන් සිව් දෙනා කළුතර, පිඹුර දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවා.

මෙම පුද්ගලයින් 04 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වූයේ පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ද නැතහොත් වැල්ලවත්ත පෞද්ගලික බැංකුවේ කොරෝනා ආසාදිතයාගෙන් ද යන්න පිළිබඳව මූලාශ්‍ර සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර, ඉපසුගිය 18 වන දාට පසුව කොට්ටාව, තැපැල් කන්තෝරුව අසල පිහිටි මාළු වෙළෙඳ සලෙන් මාළු මිල දී ගැනීමට පැමිණි අයෙකු වෙතොත්, ඒ පිළිබඳව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ කොට්ටාව පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *