බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (19) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත්.
සංචිතය සදහා ඇන්ජෙලෝ මැතිව්ස් ද කැදවා ඇති අතර, නිමා වූ සීමිත පන්දුවාර තරගවලදී ඉහළ දක්ෂතාවයක් දැක් වූ චරිත් අසලංක ද සංචිතයට නම් කර තිබෙනවා.
රොෂේන් සිල්වා ද යළි ටෙස්ට් සංචිතයට නම් කර ඇති අතර, කමිල් මිෂාර, සුමින්ද ලක්ෂාන් හා චාමික ගුණසේකර යන නවක ක්‍රීඩකයින් ද ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.
මේ අතර පෞද්ගලික හේතුවක් නිසා ළහිරු තිරිමාන්න මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බව වාර්තා වනවා.
දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අනිද්දා (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය
- දිමුත් කරුණාරත්න
- ඕෂධ ප්‍රනාන්දු
- ඇන්ජලෝ මැතිව්ස්
- දිනේෂ් චන්දිමාල්
- ධනංජය ද සිල්වා
- පැතුම් නිශ්ශංක
- චරිත් අසලංක
- මිනොද් භානුක
- රොෂේන් සිල්වා
- කමිල් මිෂාර
- රමේෂ් මෙන්ඩිස්
- චාමික කරුණාරත්න
- ලක්ෂාන් සඳකැන්
- ලසිත් ඇඹුල්දෙණිය
- ප්‍රවීන් ජයවික්‍රම
- සුමින්ද ලක්ෂාන්
- සුරංග ලක්මාල්
- විශ්ව ප්‍රනාන්දු
- දුෂ්මන්ත චමීර
- ළහිරු කුමාර
- අසිත ප්‍රනාන්දු
- චාමික ගුණසේකර