Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිහිපයක්ම සොයා ගැනුණා.

එම එන්නත් අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, කැනඩාව ආදී රටවල් කිහිපයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා මේ වනවිට අමෙරිකානු හා ජර්මානු ඒකාබද්ධ නිපැයුමක් වූ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත, අමෙරිකානු මොඩර්නා එන්නත, ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රා සෙනෙකා ඇතුළු එන්නත් කිහිපයක්ම සුදුසුකම් ලබාගෙන තිබුණා.

නමුත් ඒවායේ මිල ගණන් මෙතෙක් අදාළ සමාගම් විසින් හෙලිදරව් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් යුරෝපා සංගමයේ එම එන්නත් මිලදී ගැනීමට අදාළ ලේඛණයක් උපුටා දක්වමින් බෙල්ජියමේ කණිෂ්ඨ අමාත්‍යවරයෙක් අදාළ මිල ගණන් ට්වීටර් පණිවුඩයක් මගින් හෙළිකර තිබුණා.

එය පසුව මකා දැමුවද සමාජ මාධ්‍ය මගින් අදාළ මිල ගණන් මේ වනවිට හෙළිදරව් කර තිබෙනවා.

එමෙන්ම ඒ පිළිබඳව යුරෝපා සංගමය අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය ඇස්ට්‍රා සෙනෙකා එන්නත යුරෝ 1 යි 78 කට,

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අමෙරිකානු ඩොලර් 8 යි 50 කට,

සෙනෝෆි-ග්ලැක්සෝ ස්මිත්ක්ලයින් එන්නත යුරෝ 7 යි 56 කට,

කියෝවැක් එන්නත මිල කර ඇත්තේ යුරෝ 10 කට

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත යුරෝ 12 කට,

අමෙරිකානු මොඩර්නා එන්නත ඩොලර් 18 කට අලෙවි කරනු ලබනවා.

ඒ අනුව වැඩිම මිල සහිත මොඩර්නා එන්නතක සැබෑ වෙළඳපොල මිල වන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3420 ක්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්