Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් වසංගතය හමුවේ අපහසුතාවයට සහ දුෂ්කරතාවයට මුහුණ දෙන සෞඛ්‍ය සේවකයින්ට මෙන්ම ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් “අසිරි හදවත” නම් සංවිධානය ඊයේ දිනයේ සිට වැඩ කටයුතු ආරම්භ කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටියේ ය.

“අසිරි හදවත” ස්වේච්ඡා සහන මෙහෙයුමට සහය ලබාදෙමින් ඊයේ දිනයේ පැවැත් වූ මාධ්‍ය හමුව සඳහා චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ , ප්‍රවීණ නළු කිංස්ලි ලෝස් ,චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක ,ප්‍රවීණ නිළි චාන්දනී සෙනෙවිරත්න ඇතුළු නළු නිළි පිරිසක් ද මීට සහභාගි විය.

තව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ වෛද්‍ය ධම්මික පතිරණ,විශේෂඥ වෛද්‍ය විපුල වික්‍රමසිංහ ඇතුළු වෛද්‍යවරු පිරිසක් මෙන්ම විදර්ශන කන්නන්ගර සහ ලහිරු වීරසේකර ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේ වසංගතය පලානයට පාලකයින් අසමත් බව ඔවුන් පෙන්වා ඇති බවත් ජනතාව ආරක්ෂා කිරීම සෞඛ්‍ය සේවකයින්ට පමණක් සිදු කළ නොහැකි බවත් ය.

මේ නිසා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මහජන ක්‍රියාකාරීත්වයන් සංවිධානය කරමින් ” අසිරි හදවත” නම් වූ ස්වේච්ඡා සහන මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද පැවසූ හ.

දිවයින පුරා පීඩාවට පත්ව සිටින ජනතාවට ආරක්ෂාකාරී ලෙස මෙහෙවර කිරීමට කැමැත්තක් දක්වන පිරිසට “අසිරි හදවත” සමග එක්විය හැකි බව ද තව දුරටත් මාධ්‍ය හමුවේ දී සඳහන් කරන ලදී.

011 3455900 සහ 070 5126074 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බව ද සංවිධායකයින් ප්‍රකාශ කර සිටිය හ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *