Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්‌ අතර සුහද ස්නුකර් තරගාවලියක් ඊයේ (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා.

දේශපාලන අමනාපකම් අමතක කරමින් මෙම තරගාවලියට දෙපාර්ශ්වයේ ම මන්ත්‍රීවරු සහභාගිත්වයෙන් සිටීම කැපී පෙනුන අතර ජයග්‍රාහී පාර්ශ්වයට කුසලානයක් ප්‍රදානය කෙරුණා.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර යන මහත්වරු ස්නුකර් තරගාවලියට සහභාගී වුණා.

පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා මහතා, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එය නැරඹීමට සහභාගී වුණා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්