කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන ඇහැලියගොඩ අධ්‍යපන කලාපයේ පාසල් 7ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි.
කෑගල්ල – රුවන්වැල්ල – ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යාලයේ සිසුවෙකුගේ මවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා වීම හේතුවෙන් එම පාසලේ සිසුන් කිසිවෙකු අද පැමිණ සිටියේ නැහැ.
විදුහල්පතිවරයා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ලබන සතියේ පාසල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි.