Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ වසංගත සම‍‍යේ ඔහු වැනි මිනිසෙක් ලංකාවට ද සිටියේ නම් ආණ්ඩුවට මාසයක් හමාරක් හොදට පොරවාගෙන නිදාගන්නට හැකිව තිබිණි. රටෙ සියලු දිස්ත්‍රික්කවලට ඇදිරි නීතිය දමා මිනිසුන්ව පෝලිම් වල ගාල් නොකර පාඩුවේ ගෙවල්වලට වී ඉන්නැයි කියන්නට ඉඩ තිබිනි.

ඉන්දියාවෙ ලොකුම සල්ලිකාරයා වසංගත සමය නිමාවනතුරු කෝටි 3 ක ඡනතාවකට කන්න දෙන්න තීරණය කරයි.

ඔහුගේ නම මුකේෂ් අමිබානිය. ෆෝබස් සගරාවට අනුව ඩොලර් බිලියන 88 ක කර්මාන්ත හිමි ඔහු ඉන්දියාවෙි විශාලතම ධනවතාය. ඉන්දියාවේ වටිනාම සමාගම වන Reliance Industries නැමති තෙල් හා ගෑස් සමාගමෙිද මිලියන 340 කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් සිටින ඡියෝ ස්මාටි 4G දුරකථන සේවාවෙ ද අයිතිකරුවාය. තවදුරටත් ඔහු ගැන කියන සගරාව ‘‘ අඛණ්ඩව නවවන වරටත් ඉන්දියාව තුල සිය අංක එකේ ස්ථානය” රඳවාගෙන සිටින අම්බානි, පසුගිය මාස 12 තුළ රිලයන්ස් ඉන්ඩස්ටී‍්‍රස් හි කොටස් සියයට 21 කින් ඉහළ යාමත් සමඟ ඔහුගේ ධනය පසුගිය වසරේ ඩොලර් බිලියන 18.9 සිට ඉහළ නංවාගත්තේය ‘‘

තමා ඉන්දීය ඡනතාවගෙන් ඉපයූ මහා ධනස්කත්ධයෙන් කොටසක් මෙි වසංගත සමයේදී ඉන්දීය ඡනතාවට පෙරලා දීම ගැනයි මෙම ලිපිය.

එය අපට අනුව සොචිචමක් විය හැක. එහෙත් ඔහු යමක් දී තිබෙ.
.
ඉන්දියාවෙි මාර්තු මස කොරෝනා වසංගතයෙන් මිනිසුන් කිහිපදෙනෙක් මියගිය පසුව මුකේෂ් අම්බානි සිය ඇල්ටමවුන්ට් පාරේ ‘ඇන්ටිලියා’ හි බැල්කනියට බැස, වීඩියෝ පටයක් මගින් කොරොනා වෛරසය සමග සටන් වදින ඉන්දියාවෙි පෙරටුගාමී මිිනිසුන්ට සිය කෘතඥතාවය පළ කළේය.


ඉන්පැය කිහිපයකට පසු ඔහුගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් නිවේදනය කළේ කොරොනා වෛරසයට එරෙහිව සටන් කරන රටේ සෞඛ්‍ය සේවකයින් සඳහා මුහුණු ආවරණ 100,000 ක් සහ ඇඳුම් සහ ඇඟලුම් වැනි ආරක්ෂක උපකරණ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම අරඹන බවයි. එදිනම මහාරාෂ්ට්‍ර මහ ඇමතිගේ සහන අරමුදලට රුපියල් කෝටි 5 ක මූලික ආධාරයක් ලබා දී තිබිණි.


ඊළග සතියේ ඔහු මුම්බායි මහ නගර සභාව සමඟ එක්ව, කොවිඩ් -19 ධනාත්මක බව පරීක්ෂා කරන රෝගීන් සඳහා ඇඳන් 100 කින් යුත් මධ්‍යස්ථානයක් මුම්බායි හි සෙවන් හිල්ස් රෝහලේ ස්ථාපිත කර තිබේ. එය ඉන්දියාවෙි ප්‍රථම කොරෝනා වෛරස් රෝගීන් සදහා ඉදිකල රෝහල් ඒකකයයි.


වෛරස් වසංගතය වෙනුවෙන් මහන්සිවෙන ඉන්දීය සෞඛ්‍ය සේවකයන් සහ පුරා සති 3 ක් අගුලු දමා ඇති ඉන්දියාවෙ වඩාත් පීඩාවට පත් ඡනතාවගෙන් කෝටි 3 කට දිනපතා ආහාර ලබාදීමට තම සමාගම ඉදිරියට කටුයතු කරන බව ඔහු අප්‍රේල් 20 වැනිදා පැවසීය.

ඒ අනුව දැන් ඉන්දියාවෙි සියලු ප්‍රාන්තවල අධිකලෙස පීඩාවට පත් මිනිසුන්ට ආහාර ලබාදීමෙි වැඩ පිලිවෙල ක්‍රියාත්මක වෙමින් පවතී. රිලයන්ස් පදනමේ ‘මිෂන් ඇනා සේවා’ වැඩසටහන එය ගෝලීය වශයෙන් ඕනෑම ආයතනික පදනමක් විසින් සිදුකරනු විශාලතම නොමිලේ ආහාර වැඩසටහන බව එහි සභාපතිනි නීටා අම්බානි පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *