Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ සහ මහනුවර නගරවල වායු දුෂණ මට්ටම ,ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති සීමාවන් ඉක්මවා ගොස් ඇති බවට අනාවරණය වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, කොළඹ හා මහනුවර නගර බල සීමා හැරුණු කොට අප රටේ සෙසු ප්‍රදේශ සියල්ලම වායු දූෂණයෙන් අවම මට්ටමක පවතින බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින්.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා
” වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු වර්ග මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 50කට අඩු මට්ටමක පැවැතිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. එහෙත් ඇතැම් අවස්ථාවල දී මෙම තත්ත්වය කොළඹ හා මහනුවර දිස්ත්‍රික්කවල 150-165 දක්වා ඉහළ යන අවස්ථා පවතී.

විශේෂයෙන්ම මහනුවර නගරය කඳුයායකට මැදිව පවතින නගරයක් බැවින් එහි වායුගෝලයේ පවතින ක්ෂුද්‍ර අංශ ඉවතට ඇදී යාමක් සිදු නොවේ.

එමෙන්ම කොළඹ නගරය ආසන්නයෙන්ම සාගරය පවතින බැවින් හමා එන සුළං නිසා ක්ෂුද්‍ර අංශ මෙම වායු ගෝලයේ රඳා පැවැතීමක් ද සිදු නොවේ.

නමුත් ඇතැම් අවස්ථාවල දී ඉන්දියාවේ සිට හමා එන සුළං දහරාවන් සමග එහි වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශ කොළඹ නගරයට බලපෑමක් එල්ල කර තිබේ.

වායු දූෂණයෙන් සියයට 65කටම වගකිව යුත්තේ වාහනවලින් නිකුත් කරන දුම් බැවින් කොළඹ නගරයේ හා මහනුවර දිස්ත්‍රික්කය මෙන්ම කුරුණෑගල හා ගාල්ල නගර සීමාවල ද තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතී.

එමනිසා කොවිඩ් 19 අවසන් වුවත්, මහනුවර නගරයේ දරුවන් හා වැඩිහිටියන්ට මුව ආවරණ පැළඳ සිටිය යුතු තත්ත්වයක් පැන නැගී පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මෙම ගැටලු හේතුවෙන් ඉදිරි අයවැය ලේඛනයේ දී මෙරටට වාහන ආනයනය කිරීමට අවසර දෙන්නේ නම් විදුලි බලයෙන් හා සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට රජයේ අවධානය යොමු කිරීමටත්, වායු තත්ත්වයන් මනින ස්ථාන දැනට පවතින්නේ ස්ථාන දෙකක පමණක් නිසා එම ස්ථාන සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *