Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැසි තත්වය හේතුවන් ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මේ වනවිට නිල්වලා, ගිං හා කළු යන ගංගා වල ජල මට්ටම ඉහළ යමින් පවතින බව තවදුරටත් එම නිවේදනයේ සඳහන්.

තවද ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල නායයාමේ අවදානමක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, ඇල්පිටිය, නාගොඩ, නෙළුව, බද්දේගම, තවලම සහ යක්කලමුල්ල සහ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල හඳුනා ගත් ස්ථාන වෙත මෙම නායයාමේ අවදානම නිකුත් කෙරුණේ හෙට පස්වරු 3 දක්වායි.

මීට අමතරව, කළුතර දිස්ත්‍රික්කයේම අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්ද නුවර, ඉංගිරිය, මතුගම සහ දොඩම්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නායයාම් හඳුනා ගත් ප්‍රදේශවලට දෙවන මට්ටමේ නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කිරීමට ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *