Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදනය වූ ගැබිණි මවක් විසින් ‘ද සොයිසා රෝහලේදී’ සිවු නිවුන් දරු උපතක් සිදුකර ඇති බව වාර්තා වනවා.

29 හැවිරිදි මවක් විසින් මෙම සිව් නිවුන් දරුවන් බිහිකළ බව රෝහල් අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය මහත්මිය පැවසුවා.

කොවිඩ් -19 ආසාදිත මවක් විසින් සිව් නිවුන් දරු උපතක් සිදුකළ පළමු අවස්ථාව මෙයයි.

කොළඹ 10, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මීට සති දෙකකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා ‘ද සොයිසා’ රෝහලට ඇතුළත් වී තිබුණ

එහිදී සිදු කළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැණුනු බව විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය මහත්මිය සඳහන් කළා.

සිසෙරීයන් සැත්කමකින් ඇය අද (17) දිනයේ පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහිකර ඇති අතර දරුවන් සිව් දෙනාම නිරෝගීව පසුවන බව රෝහල් අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් පැවසුවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *