Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මේ අවස්ථාවේදී රට තුළ වාර්තා වන Covid 19 වෛරසය ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙම පුද්ගලයන් නිරෝධායනය හෝ රෝහල් ගත කිරීම සඳහා රැගෙන යන ආකාරය , ඔවුන්ගේ නිවාස හෝ ආශ්‍රිත පරිසරය ආදී එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අන්දමේ දර්ශන විකාශය කිරීම දිගින් දිගටම සිදුකෙරෙන බව නිරීක්ෂණය වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

මෙවැනි දර්ශන විකාශය කිරීම මගින් ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමේ වැඩපිළිවෙලට ඵලදායි දායකත්වයක් නොලැබෙන බවත් සිය පෞද්ගලිකත්වයට හානි වන දර්ශන සමාජගත වීමේ අවදානම නිසා යම් පුද්ගලයින් ප්‍රතිකාර හෝ නිරෝධායනය සඳහා ඉදිරිපත් නොවීමේ අවස්ථාවද එළඹී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව මින් ඉදිරියට  කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන තැනැත්තන් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයන් පෞද්ගලිකත්වයට හා සමාජ අභිමානයට හානි වන අන්දමේ දර්ශන රූගත කිරීම හෝ විකාශය කිරීමට ක්‍රියා නොකිරීම සඳහා කටයුතු සම්පාදනය කරන මෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු මාධ්‍යට ඉල්ලීමක්  කරනවා.

සමාජය මෙම උවදුරෙන් මුදවා ගැනීමට සියලු මාධ්‍ය විසින් ලබාදෙන අඛණ්ඩ සක්‍රීය දායකත්වය බෙහෙවින් අගය කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *