Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මැයි මස අවසානය හා ජුනි මාසය වනවිට දෙගුණයක් වනු ඇති බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා සඳහන් කරයි.

වෛරසය වේගයෙන් පැතිරුණු බොහෝ රටවල අවදානම් තත්වය පාලනය කර ගන්නා ලද්දේ දැඩි සංචරන සීමා පැනවීම තුළින් බව ද ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් රජය දැනුවත් කර ඇති බවද පැවසූ ඔහු ඒ සම්බන්ධ අවසාන තීරණය ගැනීම රජය සතු වගකීමක් බවද කියා සිටියේය.

දැනට පෙනී යන කාරණය අනුව දෛනික ආසාදිතයන් 5000 පමණ නුදුරේදීම හමුවේ හැකි බවද ඔහු කියා සිටියේය.

මේ අතර ඊයේ දිනයේදී විශේෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව යන වෛද්‍ය සංගම් පැවසුවේ අඩුම ගනනේ දින 14ක් වත් රට වසා දමන ලෙසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *