Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 13 දා පෙරවරු 9.30ට පැවැති මාධ්‍ය හමුවට එක්වූ කැමරාකරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාරත්තමේන්තුව පවසනවා.

එම මාධ්‍ය හමුවට එක්වූ සියලුම මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛය අංශ වෙත දැනුම් දී ඇති බවත්, සෞඛ්‍ය උපදෙස් හා මගපෙන්වීම් සෞඛ්‍ය අංශ විසින් එම මාධ්‍යවේදීන් වෙත කඩිනමින් ලබා දෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ආසාදිත යැයි සැක කෙරේන පුද්ගලයාගේ ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණයන්හි ප්‍රතිඵල ලැබෙන තෙක් අදාළ මාධ්‍ය හමුවට එක්වූ සියලු මාධ්‍ය වේදීන් බාහිර සමාජයට විවෘත නොවී ආරක්ෂිතව නිවෙස් වෙත රැදී සිටින ලෙසද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසනවා.

මේ අතර අදාළ කොරෝනා ආසාදිත යැයි සැක කෙරෙන මාධ්‍යවේදියා ස්වාධින රුපවාහිනි ආයතනයේ කැමරාකරුවෙකු වන අතර, ඔහුගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කොට තිබේ. සිදුවීම වාර්තා වීමත් සමඟ ස්වාධින රුපවාහිනි ආයතනය ලොක් ඩවුන් කිරීමේ තීරණයක් ගෙන තිබුනත්, පසුව සේවකයින් දින 14 බැගින් කොටස් දෙකකට සේවයට වාර්තා කරමින් කටුයුතු සිදු කරගෙන යාමේ තීරණයකට ඔවුන් දැනට එළඹ තිබේ.

Image

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *