Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් සහ ඇයගේ දරුවා කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රීයේ පළා ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම කාන්තාව සහ ඇයගේ දරුවා ඊයේ රාත්‍රී 9.10 ට පමණ රෝහලෙන් පළා ගොස් ඇති අතර ඔවුන් ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙම මව මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් වන අතර එම කාන්තාව සෙවීමට මේ වනවිට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

මව 25 වන වියෙහි පසුවන අතර පුත්‍රයාට වයස අවුරුදු 02 ක් පමණ වන බව පොලීසිය සඳහන් කරනවා.

මව ඊයේ රාත්‍රීයේම පුත්‍රයා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාති නිවසකට භාර දී එම ස්ථානයෙන්ද පළාගොස් ඇති බව වාර්තා වනවා. පසුව මෙම දරුවා ඇහැළියගොඩ, යාය පාර ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසෙන් සොයා ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා IDH රෝහලෙන් පැන බස් රථයකින් සිය නිවස කරා ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ.

පුත්‍රයා පොලිස් භාරයට ගෙන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය හරහා යළිත් අයි.ඩී.එච් රෝහල වෙත භාරදීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *