Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදිත සිසුන් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සිසුන් 6 දෙනෙකු මෙලෙස කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හතර දෙනෙකු සහ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 2 දෙනෙකු මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

සිසුන් සියලුම දෙනා මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

මේ අතර රජයේ සියලු පාසල් වල දෙවන වාරය අද (19) සිට ආරම්භ වුණා.

පාසල් වෙත සිසුන් ගෙන්වීමේ දී පසුගිය පාසල් වාරයේ ක්‍රියාත්මක කළ ආකාරයටම සෞඛ්‍ය රීති ක්‍රියාත්මක බව සඳහන්.

ඒ අනුව පන්තියක සිසුන් සංඛ්‍යාව 15 ට අඩු නම් සියලු සිසුන් දිනපතා පාසල් වෙත කැඳවිය හැකියි. සිසුන් 16-30 අතර සිටීනම් කණ්ඩායම් දෙකක් වශයෙන් ද, 30 ට වැඩි නම් කණ්ඩායම් 3 ක් වශයෙන් ද කැඳවිය හැකියි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *