Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ්-19 වැලැක්වීමේ එන්නත මහජනතාවට ලබාගැනීමට කල්තියා අවස්තාවක් වෙන්කර ගැනීම හා එන්නත ලබාගත් පුද්ගලයන් සඳහා ඩිජිටල් ප්‍රතිශක්තිකරණ සහතිකයක් නිකුත් කිරීමේ කොවිඩ්-19 පුරවැසි ද්වාරය (COVID-19 Citizen Portal) අන්තර්ජාල වෙබ් සේවාවක් ආරම්භ කිරීමට සෞඛය අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පියවර ගෙන තිබේ.

එහි සමාරම්භය අද (19) යුද හමුදා රෝහලේ දී සිදුවිය. මෙම සේවාව මහජනතාව සදහා ඉදිරි දින කිහිපය තුල දී ලබාදීමට අපේක්ෂා කෙරේ. මෙය සදහා වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි විය හැකියි. ලියාපදිංචි විමත් සමඟ එන්නත ලබාගැනීමට ආසන්නම ස්ථානය හා වේලාවක් ස්වයංක්‍රියව ලැබෙනු ඇත.

එන්නත් දෙකම ලබාගත් පුද්ගලයකුට ඒ පිළිබද විස්තර සහතික කල QR කේතයක් සහිත ප්‍රතිශක්තිකරණ සහතිකයක් සෞඛය අමාත්‍යංශය මගින් නිකුත් කෙරේ. ලබාගත් එන්නත් වර්ගය ඇතුළු අත්‍යයාවශ්‍ය තොරතුරු එහි අඩංගු වේ.

එය ශ්‍රී ලංකාවට අනන්‍ය QR කේතයක් වන අතර ලෝකයේ ඕනෑම රටකින් අදාළ අංශ වෙත ඉදිරිපත් කර මෙම වෙබ් අඩවිය හරහා තහවුරු කරගත හැකිය. මෙම සහතිකය අන්තර් ජාලයෙන් බාගත කරගත හැකි අතර අනන්‍යතාව තහවුරු කිරීම ජංගම දුරකථනය මගින් සිදු කෙරේ. අවශ්‍ය නම් එක දුරකථන අංකයකින් පවුලේ සැමට ලියාපදිංචි විය හැකියි. සහතික පත් වෙන් වෙන්ව නිකුත් කරනු ලබයි.

මෙම ඩිජිටල් වැඩසටහන මගින් එන්නත් මධ්‍යස්ථාන වල තදබදය අවම කිරීමත් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෙකුට ලැබෙන සංචරණ පහසුකම් බාධාවකින් තොරව ලබා ගැනීමටත් හැකිවනු ඇති බව තොරතුරු හා සන්නිවේදන සන්නිවේදන නියෝජිතායතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කරන ලදී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *