රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් යෝජනා කරන ලද ආක්‍රමණශීලී පරීක්ෂණ ක්‍රමෝපාය (aggressive testing strategy) සති තුනක් ප්‍රමාද වී ඇති බව එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙනවා.
ඊයේ (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේ COVID-19 පාලනය කිරීම සඳහා විද්‍යාත්මක උපාය මාර්ගයක් අනුගමනය කළ යුතු බවයි.
තවදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය පාදෙණිය මහතා ;
” අප යෝජනා කරන ‘විද්‍යාත්මක උපායමාර්ගය’ හරහා මෙම කාලය තුළ මතුවන සෞඛ්‍ය ගැටළු මෙන්ම ආර්ථික, සමාජීය සහ නෛතික ගැටළු සඳහාද පිළිතුරු සෙවිය හැකියි.
“ආක්‍රමණශීලී පරීක්ෂණ ” ක්‍රමෝපාය පිළිබඳව මුල සිටම අප යෝජනා කර තිබූ අතර” Test,Test, Test”යන ජාත්‍යන්තර කොරෝනා මර්ධන ක්‍රමෝපාය පිළිබඳව මාර්තු 31 වනදා අපි යෝජනා කළෙමු.
නමුත් අප්‍රේල් 19 වන තෙක්ම මෙම යෝජනා සම්මත නොවූ අතර ඒ හේතුවෙන් සති තුනක ප්‍රමාදයක් සිදුවිය.
මීට හේතු වූ එක් කරුණක් නම් සෞඛ්‍ය බලධාරීන් එම ක්‍රියාමාරිග අනුමත කිරීමට දැක්වූ මැළි කමයි. අනෙක් කාරණය වන්නේ ඒ වෙනුවෙන් මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය රුක්ෂන් බෙල්ලන සහ වෛද්‍ය සුදත් සමරවීර යන අය දැක්වූ විරෝධතාවයයි
මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගනු ඇති බවට අප විශ්වාස කරමු.” යැයි ජනාධිපතිවරයාට යොමු කළ එම ලිපියේ තව දුරටත් සඳහන් විය.
