Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින කොරෝනා වාතාවරණය හමුවේ දිවයිනේ සියලුම පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය දෛනිකව අධීක්ෂණය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, චක්‍රලේඛයක් මගින් සියලුම අධ්‍යාපන බලධාරීන් ‍මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වර‍යකු යටතේ එම තොරතුරු රැස් කිරීමට පියවර ගන්නා බව ලේකම්වරයා සඳහන් කළේ ය.

විදුහල්පතිවරුන්, දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාව ඇතුලත් වන පරිදි සැම පාසලකම ස්ථාපිත කර තිබෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු මගින් දෛනිකව අදාළ පාසලේ පවතින සෞඛ්‍ය වාතාවරණය පිළිබඳව තොරතුරු රැස් කරනු ඇති.

එම තොරතුරු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඔස්සේ අධ්‍යාපනය අමාත්‍යාංශය වෙත දැනුම්දීමේ යාන්ත්‍රණයක් සකස් කර ඇති බව ද ලේකම්වරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, කිසියම් පාසලක පවතින සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් හදිසි තීරණයක් ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් බලය පාසැලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු වෙත ලබාදී ඇති බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *