Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා දෙවන රැල්ල ආරම්භ වූ ඔක්තෝම්බර් 4 වනදායින් පසු මේ දක්වා කාලය තුළ මෙරට තුළ කොරෝනා මරණ 94 ක් සිදුව තිබෙනවා.

පළමු කොරෝනා රැල්ල තුළ මරණ 13 ක් පමණක් වාර්තා වූ අතර, දෙවන කොරෝනා රැල්ල තුළ මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කොරෝනා මරණවලින් 40 ක්ම අවුරුදු 71 ඉක්මවූවන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එය ප්‍රතිශතයක් ලෙස දැක්වෙන්නේ සියයට 42.55 ක් ලෙසයි.

එමෙන්ම අවුරුදු 61 ත් 70 ත් අතර කොරෝනා මරණ විස්සක් සිදුව ඇති අතර, වයස අවුරුදු 51 ත් 60 ත් අතර මරණ 16 ක් සිදුව තිබෙනවා.

අවුරුදු 41 ත් 50 ත් අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 11 ක්.

එමෙන්ම අවුරුදු 31 ත් 40 ත් අතර මරණ 4 ක් සිදුව ඇති අතර, අවම මරණ අනුපාතයක් එනම් ප්‍රතිශතයක් ලෙස සියයට 3.19 ක් සිදුව ඇත්තේ වයස අවුරුදු 10 ත් 30 ත් අතර මරණයි.

ඊයේ දිනයේද නව කොරෝනා මරණ 8ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *