Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දින කොරෝනා ආසාදිතයින් 521 දෙනෙකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් 517 දෙනා සහ විදේශයන්හි සිට පැමිණි ආසාදිතයින් 4ක්‍ ය.

එත් සමගම කොරෝනා දෙවන රැල්ලේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23005 ක් වන අතර
සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 26599ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ එක කොරෝනා මරණයක් වාර්තා වු අතර ඒ පිලියන්දල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒත් සමගම මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 130ක් වේ.

එමෙන්ම මෙතෙක් සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 19438ක් වන අතර තවත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6991 කි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *