Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාපනය ශීක්ෂණ රෝහලේදී මියගීය පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පවසා එම සිරුර ඥාතීන්ට බාර දීමෙන් පසුව සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් පැමිණ මියගිය පුද්ගලයාට කොරෝනා රෝගය වැළදී ඇති බව කියමින් ඔහුගේ සිරුර ඊයේ (06) ආපසු රැගෙන යාම නිසා යාපනයේ ඉලවාලී ගම්මානය තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 77 ක පුද්ගලයෙකු හදිසියේ රෝගීවීම නිසා ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු මියගොස් තිබෙනවා. ඔහුට සිදුකළ PCR පරීක්ෂණයේදී මුලින්ම ඔහුට කොරෝනා රෝගය ආසාධිතවී නොමැති බව ප්‍රකාශ වීම නිසා දේහය ඥාතීන්ට බාර දී ඇත.

පසුව පැමිණි නිලධාරීන් පිරිසක් ඔහු කොරෝනා රෝගියෙකු නිසා ඔහුගේ මළ සිරුර ආදාහනය කිරීම සදහා රැගෙන යාම නිසා ගම්මානය තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇත.

පසුව පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ ඉලවාලී ගම්මානයේ හා ඊට ආසන්නයේ ගම්වලින් මළ ගෙදරට සහභාගී වූ පවුල් 43 දෙනෙක් හඳුනාගෙන ඔවුන්ව නිරෝධායනයට ලක් කොට ඇති අතර මළ ගෙදරට ගිය සෙසු පිරිස් සෙවිමේ කටයුතු ද ආරම්භ කොට තිබේ.

ඉලවාලී ගම්මානයේ ස්වේච්ඡා සංවිධාන විසින් සෞඛ්‍ය නිලධාරීන් වගකීමකින් තොරව කටයුතු කොට ගම්මානයක් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස යාපනයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

මෙම අතපසුවීම සිදුව ඇත්තේ යාපනය ශීක්ෂණ රෝහලෙන් නිසා වහාම ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බව යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ශ්‍රී බවාන්දරාජා සඳහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *